Life
දිදුලන සමකට ආයුර්වේද රහස් මෙන්න
මුහුණේ තිත් ලප වලට කල හැකි ආයුර්වේද ප්‍රතිකර්මයක් තමයි මේ.
කටු ඉඹුල් ගහේ කටු එළ කිරෙන් අඹරා රාත්‍රි නින්දට යනවිට මුහුණේ ගාන්න. උදේට ඇල්වතුරෙන් මුහුණ සෝදන්න. අඩුම ගණනේ සති 2 කැ කාලයක් මෙය සිදු කල යුතුයි හොඳ ප්‍රතිපල ලැබීමට නම්.
මුහුණේ තිත් ලප නැති වීමට නම් කහ, වෙනිවැල් ගැට ලොන් සුඹුලු, අබ, මනෝසිල සම ප්‍රමාන වලින් ගෙන තැඹිලි වතුරෙන් අඹරා රාත්‍රි නින්දට යනවිට මුහුණේ ගාන්න. උදේට ඇල් දියෙන් මුණ සෝදන්න.
මෙය භාවිතා කරන කාලය තුල ක්‍රීම්,පුයර වර්ග ගාන්න නම් එපා.
කුරුළෑවලට විවිධ අත් බෙහෙත් තිබුනත් මේ කියන්නට යන්නේ හොඳම ආයුර්වේද විසඳුම ගැනයි.
පළමු වන්න වන්නේ ලොන් සුඹුලු, වද කහ, කොත්තමල්ලි ඇල්වතුරෙන් අඹරා ආලේප කිරීමයි.
එසේත් නැතිනම් නස්නාරං මුල්,මනෝ සීල එක පමණ ගෙන පළමුව එළගොම ඉස්මෙන් අඹරා දෙවනුව ගිතෙලින් අඹරා ගාන්න. එහෙත් මතක තබාගන්න මනෝසීල විෂ ද්‍රව්‍යයක් බව. කටේ නොගෑවෙන්න ගෑ යුතු බව හොඳින් සලකන්න. මේ මගින් තිත් ලප කුරුලෑ සම්පූර්ණ නැතිවේවි.
මුහුණ සෞම්‍ය වීමට ඉතා ප්රත්යක්ෂ ඹෘෂධයක් තමයි මේ
ඒ සඳහා ගම්මිරිස් ඇට 5 යි,ගොරෝචන කළං 1 යි,ඇල් දියෙන් අඹරා දවාලට ගාන්න.
නැත්නම් දිනපතා ආහාර අනුභව කොට, කතා නොකර අත සෝදා තුන් වරක් මූණේ අත අතුල්වන්න. කිසිදා කුරුළෑ නොඑයි. මෙය කෙමක් බව හොඳින් මතක තබා ගන්න.
Wmqgd .ekSu u